මගේ සිතුවිලි. . .

සයිබර් අවකාශයේ මගේ හද රිද්මය

Monday, December 7, 2009

දුවණියකගෙ කඳුළු. . . . . .


සුදු මල් මිටක්
දෝතින් දරා...
බලා හිඳින්නෙමි
ඔබ එන තුරා...

පුංචි සන්දියේම සමුගත්
දයාබර පියාණනි...
එනු මැනවි මොහොතක්
හීනෙන් හෝ ලඟට
සුදු දූ කියා අමතන්නට.....
පිය උණුසුම විඳින්නට....
සත්තකයි මතක නෑ මට
ඔබෙ උණුසුම - ඔබේ සුවඳ

ලොවම දිනන්නෙමි
ඔබෙ නම රන්දමි
ඔබ දුන් ජවයෙන් ....
ඔබ දුන් එඩියෙන්....
නමුත් අවැසිය
ඔබ බැල්ම
පෙරට වඩා අද....
එනිසයි පෙර මග බලන්නේ
ඔබේ මද්දුම දෝණී...



සංකල්පනාව
- කැලුම් නිරංජන

Saturday, November 21, 2009

මිත්‍රත්වය. . .


විශ්වාසය නම්
හුය දිගේ
අඹරට නැගි
මිත්‍රත්වය නම්
සරුංගලය
හසුවන්නටත් පෙර
උඩු හුළඟට
නූල කපා දැමූ කල

????

- - කැලුම් නිරංජන

Wednesday, November 18, 2009

රැජිණ වෙයන් අලුත් ලොවේ. . . . . . .

රැජිණ වෙයන් අලුත් ලොවේ.- මිතුරියකට ලියූ සංකල්පනාවක්

Saturday, November 7, 2009

ජය ශ්‍රී මිතුරනි. . .

ජය ශ්‍රී මිතුරනි. . .රැකියාවට පැමිණ වසර තුනක් පිරීම නිමිත්තෙන්

Friday, September 25, 2009

කිරිල්ලියේ රෑන අතැර ඉගිලීයන්............

කිරිල්ලියේ රෑන අතැර ඉගිලීයන්............

Saturday, July 11, 2009

වෙනස. . .......

වෙනස. . .......

Friday, July 10, 2009

සිතුවිලි සමග දොඩමලු වෙමු. . .

සුන්දර ගම් පියසක ඉපුදුනත් ජීවිකාව සඳහා ගෙන්දගම් පොලවේ ජීවිතය දියකරන අතර උපදින සෞන්දර්යාත්මක අත්දැකීම් බෙදා හදා ගැනීමේ අරමුණෙන් මගේ අලුත් බ්ලොග් අවකාශය වෙන් කර ගත්තෙමි.
අපි හමුවෙමු.
- කැලුම්